ප්‍රියංකා චොප්රා හොලිවුඩ් පුංචි තිරයට

null

බොලිවුඩයේ සුපිරි සුරූපී නිළි ප්‍රියංකා චොප්රා මුල්වරට බොලිවුඩ් සිනමාවට එක්වුයේ 2000 වසරේ ලෝක රූ රැජිනවීමත් සමගයි. ඉන්පසුව සුළු කාලයකදීම ඇය අංක එකේ නිළියක් බවට පත්විය.

මෑතකදී ඇගේ ජනප්‍රියත්වය යම්තාක් දුරකට අඩු වුයේ නවක නිළියන් බොලිවුඩය ආක්‍රමණය කරමින් ඇතිවූ තරඟකාරී තත්වය හේතුවෙනි. පසුව ප්‍රියංකා චොප්රා ඇගේ ගායන දක්ෂතාවය එළිදක්වමින් රසිකයන්ගේ අවධානය නැවත ලබාගැනීමට සමත්විය. ඇය ලෝකප්‍රකට ගායක පිට්බුල් සමග ගැයූ ගීතය ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ඉන්පසුව ඇයට හොලිවුඩ් රංගන ක්ෂේත්‍රයට මග විවර වුයේ හොලිවුඩ් පුංචි තිරය හරහාය. ක්වන්ටිකෝ “Quantico” නමින් හැදින්වෙන මෙම රූපවාහිනි කතාමාලාව ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ප්‍රියංකා චොප්රා යි.

අමෙරිකාවේ FBI ආයතනයේ පුහුණුවීම් අතරතුර මුහුණදෙන අත්දැකීම් අලලා මෙම කතාමාලාව නිර්මාණය කර තිබෙන අතර මෙම රූපවාහිනි කතාමාලාව අළලා නිකුත් කර ඇති ප්‍රචාරක පටයද මේ වන විට ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන තිබේ.

මෙම කතා මාලාව තවත් නොබෝ දිනකින් හොලිවුඩයේ පුංචි තිරයට පැමිණීමට නියමිතයි. මෙම කතා මාලාවේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>