11 Jan 2016
ප්‍රේක්ෂකයෙකුගේ වචනයකට ඩිල්ෂාන්ට තරහ ගිය හැටි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ඊයේ (10) දිනයේ අවසන් වීමෙන් අනතුරුව පිටියෙන් නික්ම යන ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන්නැයි ප්‍රේක්ෂකයෙකු විසින් වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊට හොඳටම තරහ ගිය ඩිල්ෂාන් ප්‍රතිචාර දැක්වූයේ “ඇයි ඔයා ඇවිත් ගහන්න ද?” යනුවෙන් එම ප්‍රේක්ෂකයාට පවසමින්.
එහිදී එම ප්‍රේක්ෂකයා හා තිලකරත්න ඩිල්ෂාන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරඟ දෙකෙහිම ජය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
එම වීඩියෝව පහතින් නරඹන්න…