ප්‍රේමය බිඳී යාම නිසා තරුණයෙකු දුම්රියට පැනලා

null

ඊයේ(08)රාත්‍රී 10.45 ට පමණ කොළඹ -හලාවත දුම්රිය මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේදී තරුණයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

සිය දිවි නසා ගෙන ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි කුරුකුලසූරියගේ ඇන්ටන් තුෂාර (අවු:20) නම්වූ තරුණයෙකි.

ප්‍රේම සම්බන්ධතාවයක් බිඳීයාමෙන් සිත් තැවුලට පත් එම තරුණයා සිය දිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.

කොළඹ සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබූ අංක 432 දරණ දුම්රියට මෙම තරුණයා පැන ඇති බවත්,ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය කියයි.

මළ සිරුර මාරවිල මූලික රෝහලට ගෙනවිත් බාර දීමට එම දුම්රියේ නියාමකයින් විසින් කටයුතු කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>