ප්‍රේම සම්බන්ධය නවතන ලෙස ඉල්ලමින් පෙම්වතා අවුරුදු 16 පෙම්වතියට පිහියෙන් ඇනලා
වයස අවුරුදු 16ක බාලවයස්කාර පෙම්වතියට පිහියකින් පහරදී තුවාල සිදුකර පලාගිය පෙම්වතෙකු අත්අඩංගුවට ගැනීමට ආනමඩුව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
මෙම පහරදීම සිදුකර ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි. කාලයක් විදේශ ගත වී සිට ඇති සැකකරු දිවයිනට මෑතක පැමිණි අයෙකු බවද අනාවරණය වී ඇත.
පිහි ඇනුමට ලක්වූ දැරිය නිකවැරවිය – මීවැල්ලාව,එළගම්විල්ලව පදිංචිකාරියක වන අතර ඇය නිකවැරටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි.
සැකකරු සහ රෝහල් ගත කර ඇති දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත. එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් ලබා දී ඇති දුරකථන ඇමතුමකට අනුව පසුගිය 08 වැනිදා සවස දැරිවිය ආණමඩුව නගරයට පැමිණ ඇත. පසුව සැකකරු පැමිණි යතුරු පැදියේ නැගී දෙදෙනාම ආණමඩුව – කෝන්වල කන්ද ප්‍රදේශයට ගොස් ඇත. එහිදී ඇති වූ බහින් බස් වීමකින් පසුව සැකකාර පෙම්වතා තමන්ට පිහියකින් පහර දී යතුරු පැදියේ නැගී පලා ගොස් තිබේ.
ප්‍රේම සම්බන්ධතාවය නවතා දමන ලෙස පෙම්වතා විසින් ඉල්ලා සිටි බවත්,එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස් වීම ඇති වූ බවත් ඇය පොලීසිය හමුවේ පවසා ඇත.
කැපුම් තුවාල සහිතව මහ මග සිටි දැරිවියව අසල්වැසියන් විසින් ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත. ඇයගේ වම් අතේ ස්ථාන කීපයකම කැපුම් තුවාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.