පානදුරේ ව්‍යපාරික කතක් ඝාතනය කරලා

null

පානදුර හිරණ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් ඇගේ වෙළඳසැල තුලදීම සහාසික ලෙස ඝාතනය කර තිබියදී ඊයේ (10) සොයාගත් බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි මාන්නගේ දොන් තුෂාරි වාසනා විෙජ්රත්න නමැති තිදරු මවකි.

ගුවන් හමුදාවේ සේවය කර ඇති මෙම කාන්තාවගේ සැමියා මිට අවුරුදු 15කට පමණ පෙර මියගොස් ඇති අතර පසුව මැය පසුගිය වසර දෙකක පමණ කාලයක සිට එම ප්‍රදේශයේ ෆාමසියක් පවත්වා යන විවාහක පුද්ගලයෙකු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.

හිරණ ප්‍රදේශයේ වෙළඳසලක් පවත්වාගෙන යන ඇය පෙරේදා රාත්‍රියේ සුපුරුදු පරිදි නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. ඉන්පසුව වෙළෙඳසල පරීක්ෂා කිරීමේදී මුදල් අයකැමි මේසය යට තිබියදී කැපුම් තුවාල සහිත මියගිය කාන්තාවගේ සිරුර සොයාගත බව පොලිසිය පවසයි.

මෙම විමර්ශනය සඳහා පොලිස් නිල සුනඛ ග්‍රේරෝ සිද්ධිය වූ ස්ථානයට ගෙනැවිත් අපරාධය සිදුවූ ස්ථානයෙන් ලබා ගත් ඉව ඔස්සේ කිලෝමීටරයක පමණ දුරක් ගොස් ෆාමසියේ දොර ළග නතර වී තිබේ. කෙසේ වෙතත් ෆාමසි හිමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මුදල් සම්බන්ධ කිසියම් ආරවුලක් නිසා ඔහු ඇයව මරාදාමා පළායන්නට ඇති බවට පොලිසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>