12 Jan 2016
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන රුපියල් 5 කින් ඉහළට
සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි. බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසා ඇත්තේ නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවයි.
මේවන විට දිවයිනේ බේකරි හිමියන් වැඩි පිරිසක් නිශ්පාදන වල මිළ ඉහළ දමා තිබෙන අතර ඒ පිළිබදව බේකරි හිමියන්ගේ සංගමය පාරිභෝගික අධිකාරිය දැනුවත් කර නොමැත.
මේ පිළිබද කල විමසීමකදී පාරිභෝගික අධිකාරිය පවසා ඇත්තේ දැනුම් දීමකින් තොරව බේකරි නිශ්පාදන මිළ ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට අදාළ වැටලීම් ආරම්භ කරන බවයි.