15 Jan 2016
පාන් මිල යළි පහළට
රුපියලකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිළ යළි පහත දැමූ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල රුපියලකින් ඉහළ නංවනු ලැබුවේ මෙවර අයවැයෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට දෙකේ සිට හතර දක්වා ඉහළ නංවා ඇති බව පවසමින්.
කෙසේ වෙතත් අයවැයෙන් වැඩි කළ බදු තාවකාලිකව අත්හිටවීමට රජය ගත් පියවර සමග මෙම තීරණයට පැමිණි බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.