13 Jan 2016
පාන් මිල රුපියලකින් ඉහළට
පාන් ගෙඩියක මිල රුපියලකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව එය අද (13) සිට ක්‍රියාත්මකයි.
මේවන විට ග්‍රෑම් 450 ක සාමාන්‍ය පාන් රාත්තලක මිල රු.54 ක් වන අතර ඒ අනුව එය රු.55 ක් දක්වා වැඩිවනු ඇත.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ තම සංගමයේ නිලධාරීන් ඊයේ රැස්වී මෙම තීරණය ගත් බවයි.
මෙවර අයවැයෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට දෙකේ සිට සියයට 4 දක්වා ඉහළ දමනු ලැබු අතර ඒ සමඟ පසුගියදා පාන්පිටි මිලද ඉහළ දමනු ලැබූවේය.
එම සියලූ කරුණු පදනම් කරගනිමින් පාන් ගෙඩියක මිල මෙලෙස රුපියලකින් ඉහළ නංවන බව ඔහු සඳහන් කළේය.