පාප් වහන්සේගේ ලංකා ගමනය ස්ථිරයි

null

ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකා ගමනය කල් දැමීමට හෝ අවලංගු කිරීමට කිසිම ආකාරයේ සැලසුමක් නොමැති බව ශුද්ධෝතුම් පිය ලංකා ගමනේ මාධ්‍ය හා තොරතුරු කාර්යාංශය අධ්‍යක්ෂ සිරිල් ගාමිණි පියතුමන් අවධාරණය කර තිබේ.

පාප් වහන්සේ දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් අද(06) දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමන් මේ බව සඳහන් කළේය. එම වැඩසටහන පැවැත් වුණේ, ශ්‍රී ලංකා කතෝලික සභාවේ සංවිධානත්වයෙනි.

ශ්‍රී ලංකා කතෝලික සභාවේ ලේකම් ජේ.ඩී. ඇන්තනී පියතුමන් පවසා ඇත්තේ ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකාගමනයට සූදානම් වීම සඳහා කතෝලික සභාව තුළ කමිටු 14 ක් පත්කර ඇති බව ය. එමෙන්ම බැතිමතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සියලූ පහසුකම් සළසා ඇති බවද සඳහන් කළේය.

එසේම මෙහිදී ශු‍ද්ධෝත්තම පියතුමාගේ ශ්‍රී ලංකා ගමනය වෙනුවෙන් නිර්මාණාය වූ තේමා ගීයක් සහ ගීතිකාවක් එළි දැක්වූ අතර ශුද්ධෝත්තම පියතුමන්ගේ ශී‍්‍ර ලංකා සංචාරය වෙනුවෙන් විශේෂ මුල්දින කවරයක් සහ සමරු මුද්දරයක්ද නිකුත් කෙරෙන අතර, රුපියල් පන් සියයේ වටිනාකමින් යුත් රිදී කාසී 1500 ක්ද නිකුත් කිරීමට නියමිතව ඇති බවත් එහිදි සඳහන් විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>