පාප් වහන්සේගේ සංචාරයේ කාලසටහන

null

වතිකානය විසින් නිකුත් කරන ලද අති උතුම් ප‍්‍රැන්සිස් සුදුතුම් පියාණන්ගේ ශී‍්‍ර ලංකා අපෝස්තලික සංචාරයේ නිල වැඩපිළිවෙළ මාධ්‍යයට නිවේදනය කර තිබේ. ඒ අනුව රජයේ නිල පුවත් සේවය වාර්තා කරන පරිදි එම වැඩසටහන පහත දැක්වේ.

ජනවාරි 13 – පෙරවරු 9.00: ශුද්ධෝත්තම පියතුමා කටුනායක ගුවන්තොටුපොළට සැපත් වන අතර රාජ්‍ය උත්සවයකින් අනතුරු ව උන්වහන්සේ විවෘත රථයකින් කටුනායක සිට මීගමුව පාර ඔස්සේ අගරදගුරු නිවස බලා පැමිණීමට නියමිතය.
පස්වරු 2.00: රදගුරුවරුන් සමඟ දිවා භෝජනයට සහභාගී වනු ඇත.
පස්වරු 4.45: ජනාධිපති කාර්යාලයේ දී පාප්තුමන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් පැවැත්වෙන අතර එහිදී පාප් වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් රජය මඟින් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිතුමා විසින් පාප්තුමන්ට පිළිගැන්වීමට ද නියමිතය.
පස්වරු 6.15: බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට පැමිණෙන පාප් වහන්සේ එහිදී මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික නායකයින් හමුවීම.

ජනවාරි 14 – පෙරවරු 7.15: පාප් වහන්සේ වතිකානු අපෝස්තලික තානාපති මැඳුරෙන් නික්මීම.
පෙරවරු 7.30: විවෘත රියකින් තානාපති ගාලු මුවදොර කී‍්‍රඩාංගණයට පැමිණීම.
පෙරවරු 8.00: දිව්‍ය පූජාව පවත්වනු ලබන පාප් වහන්සේ භාග්‍යවත් ජුසේවාස් පියතුමා ශුද්ධවරයට එසවීම සිදු කරනු ලබයි.
පස්වරු 2.00: මරද මඩු සිද්ධස්ථානයට පැමිණෙන පාප් වහන්සේ එහිදී ජපමාල උච්චාරණ දේව මෙහෙයකට සහභාගී වෙයි.
පස්වරු 3.30: දේවමාතාවන්ට කෙරෙන යාච්ඥා මෙහෙය, මරද මඩු ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ දී.

ජනවාරි 15 – පෙරවරු 8.00: බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සැපත් වන ශුද්ධෝත්තම පාප් වහන්සේ එහිදී සමුදීමේ රාජ්‍ය උත්සවයකට සහභාගී වෙයි.
පෙරවරු 9.00: කොළඹ සිට මැනිලාව බලා පිටත්වීම.

මේ අතර ශ‍්‍රී ලංකාවට පැමිණෙන අති උතුම් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් තැනෙන විශේෂ අසුන මේ වනවිට නිර්මාණය වී අවසන්. එය සිදුවන්නේ මොරටුව – කඩලාන ප‍්‍රදේශයේ වඩු කාර්මික ශිල්පියෙක් වන බැසිල් ප‍්‍රනාන්දු අතින්. ඔහුගේ පියාද මීට පෙර එවැනි අසුනක් නිර්මාණය කර ඇත්තේ අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේගේ සංචාරය සඳහායි.

මෙම සුවිශේෂ අසුන උසින් අඩි 5 ක් සහ පළලින් අඟල් 30 ක් වන අතර බරින් කිලෝග‍්‍රෑම් 35 ත් 40 ත් වන බවයි ඔහු සඳහන් කළේ. පුරා දින 20 ක් දිවා රෑ කැපවෙමින් නිර්මාණය කළ මෙම අසුන අද දිනයේ දී අගරදගුරු නිල නිවස වෙත රැගෙන යාමට සූදානම් බව හිරු නිව්ස් වාර්තා කරයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>