24 May 2018
පාර්ලිමේන්තුවට ගංවතුර අවදානමක්
කොළඹ අවට ප්‍රදේශ වලට තවදුරටත් වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයද යටවීමේ අවදානමක් පවතින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව දැනගන්නට ඇත.
මෙම අවදානම පිළිබඳව කතානායක කරු ජයසුරිය මහතාට දැනුම් දී ඇති අතර හෙතෙම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේතු පොලිසියේ නිලධාරියකු පැවසුවේ එවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සියලු දේ සුදානම් කර තිබෙන බවයි.