පාර්ලිමේන්තුවෙන් පිටතද උණුසුම් තත්වයක්

null

හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවට යාමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු වට රවුම අසළ සාමාන්‍ය ජනතාව මේ වන විට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

ඔවුන් පොලිස් අණ නොතකා අධි ආරක්ෂිත කලාපෙට ඇතුල් වීම හේතුවෙන් එහි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව ආශ්‍රිත අධිආරක්ෂිත කලාපය තුළ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය ද නොතකමින් විරෝධතාකරුවෝ තවමත් එහි රැඳී සිටිති.

පොලීසිය මීට සුළු මොහොතකට පෙර ඔවුන්ට අවසන් නිවේදනය ද නිකුත් කළේ ය. අවසන් නිවේදනය නිකුත් කරමින් පොලීසිය විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ, අවසන් නිවේදනය නොතකා සිටියහොත් පොලීසිය අවම බලය භාවිත කරන බව ය.

පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව එම තහනම් නියෝගය ගෙන ඇත. පොලිසිය ඉල්ලා සිටියේ මැති සබේ කටයුතුවලට බාධා නොකොට එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.

පොලිසිය සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කර ගත් රාවණා බලයේ හිමිනමක් පැවසුවේ ඕනෑ නම් තමාට පහර දෙන ලෙසයි. එම පොලිස් නිලධාරියා ඒ හිමියන්ට කීවේ ‘නෑ පොලිසිය අපි පහර දෙන්නේ නෑ. ඕබවහන්සේලා නීති ගරුකව ක්‍රියා කරන්න යනුවෙනි.

null
null
null
null
null
null
null
null

pics – නෙත් නිව්ස් 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>