26 Jun 2015
පාර්ලිමේන්තුව විසුරුවන්න කාලේ හරි
යහපාලන ආණ්ඩුව දින 200 ඉක්මවා ඇති බැවින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට එළැඹෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කරයි.
දියතලාව නගරයේ පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබේ.
එමෙන්ම විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකින් අනතුරුව ජනතාව අමතමින් හෙතෙම සඳහන් කර ඇත්තේ රටක් ඉදිරියට ගමන් කිරීමට නම් ජනතාව තුළ විනයක් තිබිය යුතු බවත්, යුද්ධයෙන් පිරිහී තිබූ රට ගොඩනැඟිමේ කාලය එළඹ ඇති බවත් ය.