පාලිකාවට මිරිස්කුඩු ගසා ගැහැණු ළමුන් 11ක් නිවාසයෙන් පැනයන්න හදලා
අනුරාධපුර – සාලියපුර ප්රදේශයේ ළමා නිවාසයක පරිවාස භාරයේ රදවා සිටි ගැහැණු ළමයින් 11 දෙනෙකු එහි පාලිකාවට මිරිස් කුඩු ප්රහාරයක් එල්ල කර පළා යාමට උත්සාහ කර තිබේ.
මෙම ගැහැණු ළමයින් ළමා නිවාසයෙන් පළා යාමට උත්සාහ කරන බවට එම ළමා නිවාසයේ පාලිකාව විසින් පොලීසියට දැනුම් දී තිබුණ අතර ඒ අනුව අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පැමිණ ඔවුන් පොලිස් භාරයට ගෙන තිබේ.
එම අවස්ථාව වන විට පාලිකාව සමඟ බහින්බස් වී සිටි මෙම ගැහැණු ළමයින් ඇයට මිරිස් කුඩු ප්රහාරයක් ද එල්ල කර තිබුණි.
මෙම ගැහැණු ළමයින් 11 දෙනා අවුරුදු 13ත් 17ත් අතර වයසේ පසුවන බව පොලිසිය පවසයි. අදාළ පාලිකාව තමන්ට හිරිහැර කරන බවත්, නිසි ලෙස ආහාර පාන ලබා නොදෙන බවත් මෙම ගැහැණු ළමයින් පොලීසියට ප්රකාශ කර තිබේ.
ඊයේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කර තිබුණේ පිරිස අතර සිටි බාල වයස්කාර දැරියන් යළි ළමා නිවාසයට භාර දෙන ලෙසයි. වයස අවුරුදු 17ට වැඩි ගැහැණු ළමයින් 5 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ට භාර දී තිබේ.