පාවෙන අවි ගබඩාව අලුත් නැවකට

null

ගාල්ල වරායේ නවතා තිබෙන ඇවන්ගාර්ඞ් සමාගමට අයත් නෞකාවක මේ වන විට ගබඩා කර ඇති අවි තොගය වෙනත් නැවකට මාරු කිරීමට ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (17) අවසර ලබාදී තිබේ.

අබි ගබඩාව තිබෙන ‘මහනුවර‘ නම් නැවේ රක්ෂණ කාලය අවසන්ව තිබෙන බවත්, නැව ඉතා පැරණි නිසා ආපදාවක් සිදු වුවහොත් විශාල අනියක් වීමට ඉඩ තිබෙන බවත්, එනිසා එය ‘මහවැලි‘ නම් වෙනත් නැවකට මාරු කිරීමට අවසර දෙන ලෙසත් සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මේ අතර ඇවන්ගාර්ඞ් සමාගමට එරෙහිව ගිනිඅවි පනත, පුපුරණ ද්‍රව්‍ය පනත හෝ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු නොපවරන බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහිදි සහතික වී ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>