21 Jul 2015
පාවෙන ඇටසැකිළි දකින්න ඉඩ තියන්න එපා
මේ ආකාරයෙන් රට පාලනයට නතු වූවහොත් පාවෙන ඇටසැකිළි අනාගතයේදී දකින්නට ලැබිය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.
ඔහු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය විසින් මවා පෙන්වන ව්‍යාජ වෙනසට නොරැවටෙන ලෙසයි.
බත්තරමුල්ල සමෘද්ධි උත්සව ශාලාවේ ඊයේ (20) පැවති හමුවකදි ඔහු මෙම ඉල්ලීම කර තිබේ.
නෙත් නිව්ස් වාර්තා කරන පරිදි වත්මන් ආණ්ඩුව විසින් සමෘද්ධි අරමුදලේ මුදල් අවභාවිත කරමින් ඇතැයි ද, සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ වගකිව යුතු ආයතනවලට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් ද තවමත් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවද ඔහු වැඩි දුරටත් පවසා ඇත.