පාසලකට ඇතුළුවී දරුවන්ට රහස් ප්රදේශය පෙන්වලා
වෙන්නප්පුව – නයිනමඩම ප්රදේශයේ පාසලක් තුළට ඇතුළු වී පාසල් දරුවන් අපහරණය කිරීමට උත්සහ කළ බව කියන පුද්ගලයෙකුව දෙමව්පියන් විසින් අල්ලාගෙන පොලීසියට බාර දී ඇත.
දෙමව්පියන් විසින් අල්ලා ගෙන පොලීසියට බාර දී ඇත්තේ වෙන්නප්පුව – ගලයාය ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකුවය.
තම පාසලට හොර රහසේ ඇතුළු වී ඇති නාදුනන පුද්ගලයෙකු පාසල් දරුවන්ව ස්පර්ශ කරමින් ඔහුගේ රහස් ප්රදේශය දරුවන්ට පෙන්වා ඇති බවටද අදාල පාසලේ විදුහල්පතිනිය විසින් මීට පෙර වෙන්ප්පුව පොලීසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත. විදුහල්පතිනියගේ දැණුම් දීම මත පාසලේ දරුවන්ගේ මව්පියන්ද මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇත.
අද පෙරවරුවේ නාදුනන අයෙකු තාප්පයෙන් පැන පාසලට ඇතුළුවීමට උත්සහ කර ඇත. මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඇති දෙමව්පියන් කණ්ඩායමක් ඔහුව අල්ලා ගෙන පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. තමන්ව ස්පර්ශ කරමින් අපයෝනයට ලක් කිරීමට උත්සහ කළේ මෙම පුද්ගලයා බව දරුවන් විසින්ද හදුනා ගෙන ඇත. ඒ සමගම ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් පොලීසිය මැදිහත් වීම මත පාලනය වී ඇත.
වෙන්නප්පුව පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.