පාසලක් තලෙයිබාන් සටන්කාමීන් ග්‍රහණයේ – 126 මරුට

null

පාකිස්තානයේ – පෙෂාවර් නුවර ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලකට තලේබාන් සටන්කාමීන් 06 දෙනෙකු කඩා වැදී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ එහි ළමයින් සහ ගුරුවරුන් 500 කට ආසන්න සංඛ්‍යාවක් සිටි අතර, මොවුන් තලේබාන් සටන්කාමීන් සිය ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි. පාසල තුළ පිපිරීම් දෙකක් සිදුව ඇති අතර, ආරක්ෂක අංශ සමඟ වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ.

ප‍්‍රහාරයෙන් 126 දෙනෙකු මියගොස් ඇති බව මේ වනවිට අනාවරණ වී තිබෙන අතර ඉන් බහුතරයක් ළමයින් වන අතර සිසුන් 84 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, කුඩා පන්තිවල දරුවන්ට සහ තුවාල ලැබූවන්ට පාසලෙන් පිටව යාමට තලේබාන් සටන්කාමීන් අවසර ලබාදී තිබේ. තෙහෙරික් ඊ තාලිබාන් යනුවෙන් හඳුන්වා ගත් ප‍්‍රහාරයට පැමිණි සටන්කාමීන්ගේ ප‍්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ට එරෙහිව පාකිස්තානු ආරක්ෂක හමුදා සිදුකරන මෙහෙයුම්වලට ප‍්‍රතිචාර ලෙස මෙම ඝාතන සිදුකළ බවයි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>