පාසලක පිට්ටනියට ගුවන් යානයක කොටස් කඩා වැටිලා
සංචාරක පිරිසක් රැගෙන කටුනායක සිට නුවරඑළිය බලා පියාසර කරමින් තිබූ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් කුඩා ගුවන් යානයක කොටසක් ඊයේ 03 දා පෙරවරුවේ බත්තරමුල්ල – කොස්වත්ත එම්. ඩී. එච්. ජයවර්ධන විදුහල් ක්රීඩාංගණයට කඩා වැටී ඇත.
එම අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි සිසුන් කිහිපදෙනකු අනතුරක් නොලබා බේරී ඇත්තේ අනූනවයෙනි.
කිලෝ දහයකට ආසන්න බරකින් යුක්ත මෙම කොටස පාසල් ශිෂ්යාවකගේ මවකට දැකගන්නට ලැබී ඒ බව විදුහල්පතිනිය වෙත දැනුම් දීමෙන් පසුව විදුහල්පතිනිය තලංගම පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ මොහොතේ තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ කඩා වැටුණු ගුවන්යානා උපාංගය පොලිස් භාරයට ගෙන මූලික විමර්ශන සිදු කරන ලදී.
පොලිස් විමර්ශන වලින් හෙළි වූයේ ඊයේ (03 දා) පෙරවරු 7.00 ට පමණ මෙම ගුවන්යානය මගීන් 06 දෙනකුද සමඟ කටුනායක සිට නුවරඑළිය බලා පියාසර කළ බවත් නුවරඑළිය ගුවන් පථයට ගොඩබාන අවස්ථාව වන විටත් එම අමතර කොටස කඩා වැටුණු බව දැන නොසිටි බවයි. දියමත පාවන අවස්ථාවලදී එම උපාංගය ගුවන් යානයට යොදාගන්නා අමතර කොටසක් බවද වාර්තා වේ.