පාසල් බසයට වන අලි ප්‍රහාරයක්

null

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ දී අද දින අලුයම 5.45ට පමණ වල් අලියකු පාසල් බස් රථයකට පහරදී තිබේ.

හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යමින් සිටියදී මෙලෙස වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත.

අනතුරෙන් බස් රථයේ සිටි ගුරුවරියන් 2ක් හා සිසුවියක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ. තවත් දැරියන් කීප දෙනෙකුම සුළු තුවාල සිදුවී හා කම්පන තත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.

බස් රථයට පහර දුන් වන අලියා නැවත ප්‍රධාන මාර්ගයට පැමිණ පැයකට ආසනක කාලයක් එහි රැඳීසිට කැලයට ගොස් තිබේ. මෙම මාර්ගය දෙපස කුණු කසල ගෙනවිත් දැමීම නිසා ඒවා ආහාරයට ගැනීමට වල් අලින් මාර්ගයට පැමිණෙන බව ප්‍රදේශවාසීහු කියති.

ගතවූ දින 10ක් ඇතුලත මේ ප්‍රදේශයේදී වාහන 3කට වන අලි පහරදීම් සිදුවූ අතර තුවාල ලැබූ ගණන 15කි.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>