13 Feb 2015
පාසල් රැස්වීමේදී දැරියක් මරුට
බලංගොඩ, බුලත්ගම මහා විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් හදිසියේ රෝගාතුර වී මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඇය උදෑසන පැවති පාසල් රැස්වීමේදී එකවරම බිම ඇදවැටී ඇති අතර ඇය රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.
විදුහලේ කාර්ය මණ්ඩලය දැරියව කඩිනමින් රෝහල් ගත කිරීමට රැගෙන ගියද ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව බලංගොඩ රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වාසනා සෙව්වන්දි නමැති අට හැවිරිදි දැරියක් වන අතර මෙම දැරියගේ මව දෙවන වරටත් විවාහ වී මේ වනවිට විදේශගතව සිටින අතර, ඇගේ පියා මවගෙන් වෙන් වී වෙනම වාසය කරන බව බලංගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු පවසා ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දැරියගේ මළසිරුර රත්නපුර මහරෝහලට යවා තිබේ.