පාසල් සිසුවාගේ DNA වාර්තා අධිකරණයට

null

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහ අනෙක් සැකකරුගේ මුද්‍රා තැබූ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා පොලීසිය ඊයේ මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය පිලිබද නඩුව හෙට (02) කැදවීමට නියමිත අතර එදින මෙම වාර්තාව විවෘත කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයේ සිටින එක්දරු පියා හා 17 හැවිරිදි සිසුවා ඊයේ බන්ධනාගාරය විසින් මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එන් රහුල් හක් මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

පෙරේදා මීට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිස් අත්අඩංගුවට සිටියදී සිසුවාට පහරදීමක් සිදුව ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර වාර්තාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව සිසුවා සහ අනෙක් සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වාර්තාවක් ලබාදෙන ලෙස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදින නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>