16 Jun 2015
පාසල් සිසුවාට වන අලි ප්රහාරයක්
අනුරාධපුර, තලාව, මොරගොඩ ප්රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (15) අළුයම 5.30ට පමණ වන අලි ප්රහාරයකට ලක්ව තිබේ. අදාළ සිසුවා තම මව සමඟ පාසලට යන අතරතුර වන අලි ප්රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 12 හැවිරිදි ඉසුරු සම්පත් නමැති දරුවෙකි.
ඔවුන් ගමන්ගත් මාර්ගයට පැමිණි වන අලියා පාසල් සිසුව හොඩවැලෙන් ඇද විසි කර දමා පාගා ඇති අතර පසුව මවගේ කෑගැසීම් හමුවේ වන අලියා පලාගොස් තිබේ.
බරපතළ තුවාල ලැබූ සිසුවා තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් සංවිධානය කළ පිරිස් පෙන්වාදෙන්නේ වසර 20ක පමණ කාලයක් තිස්සේ ප්රදේශයට පවතින වන අලි තර්ජනයට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.