21 Mar 2015
පාසල් සිසුවියක් සියදිවි නසාගනියි
පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේදී කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කර පාසල් සිසුවියක් දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ.
අදාළ සිසුවිය අත්තනකඩවල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස 18 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි උසස් පෙළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකි.
ඉකුත් දිනවල ඇය සිය මව්පියන් සමග කිසියම් ආරවුලක් ඇති කරගෙන ඇතැයි ද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙන අතර බකමුණ පොලිසිය සිද්ධිය සමබන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.