පාසල් ළමුන්ට විකිණීමට ගෙනා මත්කුඩු හසුවේ

null

මත්ද්‍රව්‍ය මිශ‍්‍ර එන්.සී.නැමති මත්කුඩු කිලෝ එකහමාරක් ලඟ තබාගත් සැකකරුවෙකු ආගරපතන පොලීසිය මගින් ඊයේපස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්කුඩු කුඩා ටින්වල අසුරා ගෑම් 18 ක් රුපියල් 300 බැගින් අලෙවි කරන බව අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම මේවා ප‍්‍රදේශයේ පාසැල් ළමුන් ඇතුලු වතුකම්කරුවන්ට අලෙවි කරන බව පොලිස් පරීක්ෂණ වලදි හෙළිවී ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු ආගරපතන ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර මෙම මත්කුඩු තොගය සොයාගෙන තිබෙන්නේ සුක්ෂම ලෙස සැකකරුගේ වෙළෙඳපොලේ සඟවා තිබියදීය.

සැකකරුට එරෙහිව 2014.11.21 දින නුවරඑළිය මහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ඔහු මේ වන විට පොලිස් ඇපමත මුදාහැර ඇති බවත් ආගරපතන පොලීසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>