පාසලේදී සිසුවියන් 11ක් බ්ලේඩ් වලින් අත් කපාගෙන

null

අනුරාධපුරය – කහටගස්දිගිලිය – රත්මල්ගහවැව ප්‍රදේශයේ පාසලක බ්ලේඞ් සහ බෝතල් කටු ආධාරයෙන් සිය අත්වල සලකුණු කොටා ගත් පාසල් සිසුවියන් 11 දෙනෙකු පිළිබඳව පුවතක් වාර්තා වෙයි.

මෙම පාසල් සිසුවියන් 11 දෙනා ඊයේ පාසල් කාලය තුළ මෙලෙස අත්වල සලකුණු කොටා ගැනීම සිදුකරගෙන ඇති. ඔවුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නියමිතයි.

මැදවච්චිය නගරයේ උපකාරක පන්තියකට සහභාගි වූ මෙම පාසලේ සිසුවියක් එම උපකාරක පන්තියට සහභාගි වූ වෙනත් සිසුවියක් මෙලෙස තම අත්වල සලකුණු කොටා ගෙන ඇති ආකාරය ප්‍රථමයෙන් දැක තිබේ. ඉන් අනතුරුව ඇය පාසලට පැමිණ අනෙක් සිසුවියන්ටද ඒ පිළිබද තොරතුරු පවසා ඇති අතර, පසුව ඔවුන් මෙලෙස විවිධ සලකුණු තම අත්වල කොටාගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, මේ පිළිබඳව දැනගත් පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් එක්ව මෙම සිසුවියන්ට දැඩිව අවවාද කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>