03 Jun 2015
Home » What's Hot? » පාසලේ කඩල දන්සලට සිසුන් විරේක පෙති දාලා
පාසලේ කඩල දන්සලට සිසුන් විරේක පෙති දාලා
Posted in What's Hot? By Reporter On June 3, 2015හබරණ – මොරගස්වැව විද්‍යාලයේ පැවති කඩල දන්සැලකින් බෙදාදුන් කඩලවලට විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් බඩ විරේක ඖෂධ මිශ්‍ර කිරීම නිසා ඒවා ආහාරයට ගත් එම පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරිය සහ සිසුවියන් දසදෙනෙකු රෝහල් ගතකර තිබේ.
මෙම සිසුවියන් පාසලේ 10 සහ 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියන් වන අතර මේ වනවිටත් සිසුවියක් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
කඩල දන්සල සංවිධාන කර තිබුණේ විදුහල්පතිවරයා ඇතුලූ පාසල් සංවර්ධන සමිතියයි.
විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අනුව විරේක පෙති කඩලවලට මිශ්‍රකළ බවට සැක කෙරෙන 10 වන ශ්‍රේණියේ සිසුන් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.