22 Oct 2015
පාසලේ පරිඝනක සොරාගත් සිසුන් 8ක් අත්අඩංගුවට
තලවකැලේ ප්රදේශයේ පාසලක පරිඝනක අංශයේ තිබු පරිඝනක උපාංග සහ මෘදුකාංග සොරගත්තේ යැයි සැකපිට පාසල් සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාසලේ පරිඝනක අංශයේ තිබු පරිඝනක කිහිපයක් සොරාගෙන ඇති බවට විදුහල්පතිවරයා විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක අයෙකු එයට සම්බන්ධ නොවන බවට හෙළිවීමෙන් පසු මුදාහැර තිබේ.
අත්අඩංගුවට ගත සිසුන් 8 දෙනාගේ නිවෙස් වල තිබී ඊයේ රාත්රිය වන විට සොරාගෙන තිබු පරිඝනක සියල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත.
පාසල් නිවාඩු දිනයකදී මෙම සිසුන් 8 දෙනා විසින් රහසිගතව පරිඝනක අංශයට ඇතුල්වී මෙම පරිඝනක සොරාගෙන ඇති බවට දැනට කරන ලද මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.