06 Aug 2015
පාස්පෝට් හදන්න ඇඟිලි සළකුණු ගනී
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජෛවමිතික තොරතුරු ලෙස ඇඟිලි සළකුණු ලබාගැනීමේ ක්‍රමවේදය මේ මස 10 වනදා සිට ආරම්භ කරන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි අනුමැතිය ලත් ඡායාරූප ශාලා මගින් ලබාගත් පුද්ගලයන්ගේ ඩිජිටල් ඡායාරූප, දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය වෙත ඍජුවම ගෙන්වා ගැනීමටද කටයුතු කෙරෙන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර ඇත.
විදේශ ගමන් බලපත්‍රයේ වලංගු භාවය, විශ්වසනීයත්වය සහ ඊට පවතින ජාත්‍යන්තර පිළිගැනීම වැඩිකරගැනීම මෙහි අරමුණයි.