පාළු නිවසකින් නිරුවත් කාන්තා මලසිරුරක් හමුවෙයි

null

පුත්තලම තිල්ලඩිය ප‍්‍රදේ්ශයේ පාලු නිවසක කාමරයක තිබී නිරුවත් කාන්තා මලසිරුරක් සොයා ගෙන තිබේ. ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක බවට පොලිසිය සිදු කළ මුලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලය පිටුපස ඇති පාළු නිවසක තිබී අද පෙරවරුවේ මෙම මළ සිරුර හමුවී තිබුණි. මිය ගොස් ඇත්තේ තම බිරිඳ වන ටයිටස් ඩැනියල් ඉන්ද්‍රාණි බව ඇයගේ ස්වාමි පුරුෂයා වන මුදියන්සේගේ බණ්ඩාර (අවු:70) යන අය විසින් හඳුනාගෙන ඇත.

මෙම යුවළ යාචකයින් ලෙස ජීවත් වී ඇති බවත්, ඔවුන් මළ සිරුර හමුවූ පාළු නිවසට යාබද ගරා වැටුණු නිවසක පදිංචිව සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මිය ගොස් ඇති කාන්තාවගේ ශරීරයේ බාහිර තුවාල කිසිවක් නොමැති නමුත් ඇයගේ ගුද මාර්ගයෙන් ලේ වහනය වී ඇති බව පොලීසිය කියයි. මිය ගොස් ඇති කාන්තාව දිනපතා මත්පැන් පානය කළ අයෙකු බවත්, ඇය මල බද්ධය රෝගයෙන් පෙළී ඇති බවටද වූ තොරතුරු මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙම කාන්තා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අශෝක එස්.පී.රණසිංහ මහතා පුත්තලම පොලීසියට නියෝග කර තිබේ.

අදාළ කාන්තාව මියගියේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වි නොමැති අතර පුත්තලම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>