31 May 2015
පැරදුණා නම් ගෙදර සිටිය යුතුයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැරදුණා නම් ගෙදර සිටිය යුතු බවත්, එසේ නොමැතිව දෙවරක් ජනාධිපතිවරයෙකු ලෙස පත්වී නැවතත් බලලොභිව අගමැති වීමට එන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරයි.
ජනවාරි 8 වැනිදා ආණ්ඩු පෙරලිය සිදුනොවුනේ නම්,වසරක් යාමට පෙර මෙරට මහා ලේ වැගිරීමක් සිදුවීමේ අවදානමක් තිබුණු බව ද ඇය පෙන්වාදෙයි. එසේ නම් රටේ ජනතාව නැගී සිට එවකට පාලකයන්ගේ හිස ගසා දැමීමට පෙළඹෙන බවත් කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය මේ අදහස් පළකළේ ඊයේ (30) පෙරවරුවේ මහනුවරදී පැවති නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ හමුවක් අමතමින්.