පැරිස් ප්‍රහාරයට මුහුණදුන් ලාංකිකයෙකුගේ අත්දැකීම

null

ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට මැදිවූ ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරී ඇතැයි වාර්තා වෙයි. එම සිද්ධියට මුහුණදුන් ජනිත දිලක්ෂණ රත්නායක තරුණයා සිද්ධිය මෙසේ විස්තර කර ඇත.

ජනිත ඔහුගේ මිතුරන් කිහිප දෙනකු සමඟ නගරයට ගොස් ඇත්තේ ප්‍රංශය සහ ජර්මනිය අතර පැවති පාපන්දු තරඟය නැරඹීම සඳහායි.

වෙඩි ප්‍රහාර එල්ල වන විට ඔවුන් සිට ඇත්තේ මීටර් 600 පමණ දුරින් සමාජ ශාලාවකයි.

පැරිස් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් කළුවට ඇඳගෙන සිටි බවත් මූණවල් වසා නොතිබුණු බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

“කළුවට ඇඳගෙන, හැබැයි මූණවල් වහල තිබුනේ නෑ; මෙහෙමයි, එළියේ හිටපු ඔක්කොටම වෙඩි තියා ගෙන තමයි ගියේ මනුස්සයා.”

“මුලින්ම ඇසුනේ රතිඥා පත්තුවන ආකාරයේ ශබ්දයක්.”

“එළියට හදන කොටම මිනිස්සු වැටිලා හිටියා.මිනිස්සු 10ක් 15කම වැටිලා හිටියා.අපි දැක්කා කළු ඇඳගත්ත කෙනෙක් අපිට එහා රෙස්ටුරන්ට් එකේ කකා හිටපු කට්ටියට වෙඩි තියාගෙන ගියා.අපිව පොලිසියේ වාහනයකින් වෙනම පොලිසියේ පිරිසක් හිටි තැනකට යැව්වා.”

“අපිට පොඩ්ඩක් තුවාල වෙලා තිබුණා.මගේ යාලුවෙක්ගේ කකුල වැදිලා තිබුණා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>