පැරිස් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානි නෑ

null

ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් හානියක් සිදුවූ බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු ලබාගනිමින් සිටින බව එහි ප‍්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මහත්මිය සඳහන් කර ඇත.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සඳහා එරට ආරක්ෂක අංශ සමඟ එක්ව කටයුතු කරන බවද ඇය පවසයි.

පැරිස් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 150ට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කරන අතර ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් 4 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වී තිබේ.

මේ අතර ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු අමෙරිකාවේ ආරක්ෂාව තර කර තිබේ. ප‍්‍රංශය දක්වා ගමන් ගැනීමට අමෙරිකානු ගුවන් සේවාවලට අයත් යානා ද ප‍්‍රමාද කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

ප‍්‍රහාරය සඳහා පැමිණි ත‍්‍රස්තයින් පස් දෙනෙකු ප‍්‍රංශ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී මියගිය බව මීට පෙර වාර්තා කෙරුණි.

නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ඔවුන් විසින්ම බෝම්බ පුපුරුවාගෙන දිවි හානි කරගෙන ඇති බවයි.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>