14 Nov 2015
පැරිස් ප්‍රහාරය IS ත්රස්තයින්ගේ වැඩක්
පැරිස් ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්. සටන්කාමීන් විසින් දියත් කළ එකක් බව ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ෂුවා හොලාන්ඩ් ප්‍රකාශ කරයි. ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මීට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය යුද්ධය ප්‍රකාශ කිරීමේ ප්‍රහාරයක් ලෙසයි.
ඊයේ රාත්‍රී 10.30 ට පමණ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ තුවක්කුකරුවන් 08 දෙනෙකු විසින් එම ප්‍රහාර එල්ල කර ඇති බව ඔහු සඳහන් කරයි.
ප්‍රංශයේ රංග ශාලාවකට, ක්‍රීකට් ක්රිඩාංගණයකට සහ වැඩි වශයෙන් මිනිසුන් රැදිසිටි අවන්හලක් ඉල්ලක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර තිබුණි.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණ අතර තවත් පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.