පැල්මඩුල්ල එ.ජා.ප. මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

null

රත්නපුර – පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයෙකුට කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර මංජුල ඩයස් මහතායි.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පැල්මඩුල්ල නගරයේ සැරසිලි කටයුතු කරමින් සිටිය දි එම ස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

පහරදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරු කර යවා තිබේ.

පහරදීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මක බව කහවත්ත පොලිසිය ප‍්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>