පැහැරගත් තරුණයා හිරුණිකාගේ කාර්යාලයට රැගෙන ගිය බව තහවුරු වුණා

null

දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියෙන් පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදී තිබේ.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය සදහා අදාළ දර්ශන අවශ්‍ය බවට නීතිපතිවරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

මේ අතර පැහැරගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හමුවට රැගෙන ගිය බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

පස්වැනි සැකකරුගේ දියණිය විසින් ලබාදී තිඛෙන කටඋත්තරයකට අනුව ඒ බව තහවුරු වන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඉකුත් 21 වැනි දින හිරුණිකා මැඩම් හමුවීමට කාර්යාලයට ගිය පියා මැඩම්ව හමුවී එතැන සිටි කිහිප දෙනකු සමග කළුපාට ජීප් රථයකින් දෙමටගොඩ රෙදි කඩයට ගිය බවත් එහි සිටි රතු ටී ෂර්ට් ඇඳ ගත් අංකල්ව හිරුණිකා මැඩම් ළගට ගෙන ආ බවත් සැකකරුගේ දියණිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>