පැහැරගත් තවත් දැරියක් බේරා ගැනේ

null

පැලවත්ත මිරිස්වත්තේදී ඊයේ (03) උදෑසන පැහැර ගැනුණු 9 හැවිරිදි දැරියක් කොස්කැටිය කැලේ සඟවාගෙන සිටියදී මීගහතැන්න පොලිසිය විශේෂ මෙහෙයුමක් කර බේරාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ නිවසේ සිට වෙළදසැලට යන අවස්ථාවේදී දැරිය මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි. දැරිය පැහැරගත් පුද්ගලයා දැරියගේ මවගේ නැගණියගේ අනියම් සැමියා බව පොලිසිය පවසයි.

දැරිය බේරාගැනීමට පොලිසිය ළඟාවන අවස්ථාවේ එම පුද්ගලයා පැලවත්ත වැවට පැන පළා ගොස් තිබේ.

සැකකරු සොයා පොලීසිය, හමුදාව සහ ප‍්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර බේරාගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>