පැහැරගැනීමක් පිටුපස හිරුණිකාගේ ඩිෆෙන්ඩරයක්

null

දෙමටගොඩ ප‍්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ තරුණයෙකු පැහැරගෙන ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව විමර්ශනවලින් හෙළි වී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

දෙමටගොඩ ප‍්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක සේවය කළ 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබේ. ඊයේ (21) රාත‍්‍රී ඔහු මුදාහැර ඇති අතර මේ වන විට මෙම තරුණයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ සැකකරුවන්ද හඳුනාගෙන ඇති බවත්, ඔවුන් පොලිසිය වෙත භාරදෙන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ප‍්‍රකාශ කළ බවත් ය.

එහෙත් මේ දක්වා ඔවුන් කිසිවෙකු පොලිසියට පැමිණ නොමැති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණි. ඒ අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ප‍්‍රකාශ කරන්නේ පැහැර ගැනුණු තරුණයාට පහරදීමක් සිදුව නොමැති බවයි. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පවුල් දෙකක් අතර ආරවුලක් නිසා බවද තමන් මැදිහත් වී එය සමථ කර පැහැර ගැනුණු තරුණයා මුදාහැරීමට කි‍්‍රයාකළ බවද ඇය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>