පැහැරගැනීමට සම්බන්ධ බව පිළිගන්න මන්ත්‍රීතුමියට නීතිය නෑ

null

මෙතරම් දරුණු චෝදනාවක් එල්ලවන තත්ත්වයක් තුළත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට නොගැනීම ගැටළු සහගත බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් දක්වා තිබේ…

“…අපේ තරුණ මන්ත්‍රීවරියක් විසින් තරුණයෙක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා….බලයට ඇවිල්ලා පුරසාරම් කිව්වේ සුදුවෑන් සංස්කෘතිය අවසන් කළේ අපියි කියලා….වැරදියි…. සුදු වෑන් සංස්කෘතිය වෙනුවට කළු ඩිෆෙන්ඩර් සංස්කෘතියක් ඇවිල්ලා තිබෙනවා….මන්ත්‍රීවරුන්ගේ කලු ඩිෆෙන්ඩර් යවලා තමන්ට එරෙහිව යන තරුණයින් පැහැර ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ වෙලා තිබෙනවා….

ඩිෆෙන්ඩර් රථය මන්ත්‍රීතුමියගේ….පැහැර ගත්ත ආරක්ෂකයින් මන්ත්‍රීතුමියගේ….පහරදුන්නාය කියන කාර්යාලය මන්ත්‍රීතුමියගේ….පැහැර ගැනීමට ලක්වූ කෙනා මට මන්ත්‍රීතුමිය පහරදුන්නය ….තර්ජනය කලාය යන ආදී වශයෙන් චෝදනා නගනවා….එතුමියත් එතුමිය ඒකට සම්බන්ධ බව පිළි ගන්නවා…. හැබැයි මන්ත්‍රීතුමියට නීතිය නිසි ලෙස ක්‍රියාත්මකවීමක් සිදු වන්නේ නෑ…..අනිත් අය අත්අඩංගුවට ගන්නවා මන්ත්‍රීතුමිය නිදැල්ලේ ඉන්නවා….මන්ත්‍රීතුමිය නීතියට උඩින් තබා ගැනීම යහ පාලනයද කියන ප්‍රශ්නය අපිට මේ ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා……”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>