පැහැරගෙන සිටි කුරුණෑගල දැරිය හමුවේ
පැහැරගත් බවට වාර්තා වුණු කුරුණෑගල – ගනේවත්ත – අඹකොලවැව ප්‍රදේශයේ පදිංචි තමාරා හේෂලී විජේකෝන් නැමැති දැරිය, කුඹුක්ගැටේ – නෙරියාව ප්‍රදේශයේ වෙළඳසලක් අසල දමා ගොස් සිටියදී ඊයේ (12) පස්වරුවේ හමුවුණා.
දරිය පැහැරගත් ප්‍රධාන සැකකරු 32 හැවිරිදි විවාහකයෙකු බවත් ඔහුගේ බිරිය ඔහු හැරදා ගොස් ඇති බවත් පැවසේ. ඔහු එම දැරිය වෙළඳසලක් අසල දමා පලාගොස් ඇත. මේ වන විට එම පුද්ගලයා සොයා පොලීසිය හා විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරිය රඳවාගෙන සිටි බව කියන නෙරියාව ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටි බව කියන ඔහුගේ මව (60) හා සැකකරුගේ වැඩිමහල් සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම නිවසේ පදිංචිව සිට ඇත්තේ සැකකරුත් ඔහුගේ මවත් පමණක් බව පැවසෙන අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයා පදිංචිව සිට ඇත්තේ ඉබ්බාගමුවේය.
ඊයේ පස්වරුවේ 4.15ට පමණ 119 අංකයට ලැබුණු තොරතුරකට අනූව පොලීසිය ක්‍රියාත්මක වී දැරිය සොයාගැනීමට සමත් විය.
කෙසේ හෝ පමාරා දැරිය බේරා ගන්නා විට ඇයගේ කොණ්ඩය ද ටිකක් කපා තිබී ඇති බව පැවසෙන අතර දැරිය නිවසේ ලෑලි ගොඩාක් අතර සඟවා තබා ගැනීමට සැකකරු සමත්ව ඇතැයි පැවසේ.
බේරාගත් දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව සදහන් කර ඇත්තේ දැරිය යහපත් තත්ත්වයේ පසුවන බවයි. ඇයට ඊයේ දිනයේදී රෝහලට ගෙන එන අවස්ථාවේදී මද උණ ගතියක් තිබූ අතර එය මේ වන විට පහව ගොස් ඇති බවයි නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේවෙතත් දරුවා පැහැර ගැනීමට නිශ්චිත හේතුව පලාගිය සැකකරු අත්අඩංගුවට ගන්නා තුරු නිගමනයකට පැමිණිය නොහැකි බව පොලීසිය කියයි.