පෑලියගොඩ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල
කොළඹ-නුවර මාර්ගයේ දළුගම, බුළුගහ හන්දියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අද (31) සවස 3.00 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
පෑලියගොඩ බුළුගහහන්දිය ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඉන් පසුව, අනතුරට ලක්වූ මෝටර් රථය පසුපස ලූහුබැඳ පැමිණි පුද්ගලයෙකු එම මෝටර් රථයේ සිටි පුද්ගලයාට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.
එතැනට පැමිණි රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් වෙඩිතැබූ පුද්ගලයා පසුපස හඹා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එසේ හඹා යාමේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට ද වෙඩි තබා පලාගොස් ඇති බවත්, එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේවන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.