15 Aug 2015
පිංතූර පොත් අස්සේ කෝටි 8ක කොකේන් සඟවාගෙන ආ කතක් දැලේ
රුපියල් කෝටි අටහමාරක් වටිනා කෝකේන් කිලෝග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සමඟ යුරෝපීය කාන්තාවක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පීරු, බ්‍රසීලය, ඩුබායි සිට ශ්‍රී ලංකාව පැමිණ ශ්‍රී ලංකාව හරහා මැලේසියාවේ ක්වාලාලාම්පූර් හරහා කාම්බෝජය බලා යැමට පැමිණි යුරෝපීය ජාතික කාන්තාවක ළඟ තිබී මෙම කොකේන් සොයාගෙන ඇත.
ඇය කොකේන් තොගය කතන්දර පොත් කවරවල සඟවාගෙන පැමිණ තිබේ. අත්අඩංගුවටගත් කාන්තාව ළඟ තිබී කොකේන් පාර්සල් අටක් සොයාගෙන ඇති අතර එම පාර්සල් ෆැක්ස් රෝල් සහ කතන්දර පොත් පිටකවර තුළට බහා තිබූ බව වාර්තාවෙයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ අදාළ කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.