පිටකොටුවේ ගමන් මල්ලකින් හමුවු කාන්තාවගේ විස්තර හෙළිවෙයි
පිටකොටුව බස් නැවතුම්පොලේ ගමන් මල්ලක තිබී සොයා ගැනුණු කාන්තාවගේ මළසිරුර පොලීසිය විසින් හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.
ඇය යාපනය, වඩුක්කෝඞ්ඩායිහි පදිංචි 34 හැවිරිදි කාන්තාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඇයගේ සැමියා විදේශ රැකියාවක නිරතව සිටින බවටද තොරතුරු අනාවරණය වී තිබේ. මෙම කාන්තාවගේ මව අද (31) දිනයේ දී මළ සිරුර හඳුනා ගැනීමට පැමිණීමට නියමිත බවයි පොලිසිය පවසයි.
එම කාන්තාව මීට දින 07 කට පෙර කොළඹට පැමිණ අනියම් සැමියා සමඟ හෙට්ටිවීදියේ ලැගුම්හලක නවාතැන්ගෙන ඇත.
මෙම තැනැත්තිය පෙරේදා රාත්‍රියේ ඝාතනය කර සිරුර ගමන් බෑගයේ තැන්පත් කර රෙදිවලින් ඔතා දුර බැහැර ප්‍රදේශයකට යන බස් රථයක පැටවීමට ඝාතකයන් උත්සාහ කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෙම කාන්තාව ලැගුම්හලේ සිට ඇති පිරිමියා තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ සහායෙන් මළ සිරුර තිබූ බෑගය රැගෙන එන ආකාරය සී.සී.ටී.වී.කැමරාවකද සටහන් වී තිබෙ
මළ සිරුර හොයා ගන්නා අවස්ථාවේ ඇගේ සිරුරේ තිබී ඇත්තේ යට ඇඳුම් පමණයි.