පියයුරු තුනේ කාන්තාව නැවතත් කරළියට

null

පසුගිය දින වලදී පියයුරු තුනේ කාන්තාව ලෙස අන්තර්ජාලය පුරා බොහෝ කතාබහට ලක්වූ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වාසය කරන ජැස්මින් ටි්‍රඩෙවිල් නමැති 21 හැවිරිදි තරුණිය යලි කරලියට පැමිණ තිබේ.

ඇය විසින් පසුගිය කාලය පුරාම අන්තර්ජාලය ඔස්සේ මෙන්ම රූපවාහිනී නාලිකා වලද ජනප්‍රියත්වයට පත්වීමට උත්සහ කලේ ව්‍යාජ පියයුරු පෙන්වමින් බවට පසුව හෙළිවිය. පියයුරු තුනක කාන්තාවක් ලෙස ඇය රියලිටි තරුවක් වීමටද මහත් උත්සහයක් දැරුවාය.

කෙසේවතත් ඇය නැවතත් අන්තර්ජාලයට නිකුත් කරන ලද වීඩියෝවක් නිසාවෙන් කාගේත් කතා බහට ලක්ව තිබේ.

ඇය පසුගිය දිනෙක නගරයේ උද්‍යානයක් අසළ සුනඛයන් මෙන් ඇවිද යන පිරිමි සතර දෙනෙකු සමග ගමන් කළ දර්ශනයක් මෙලෙස ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇය ඒ ආකාරයට ගොස් ඇත්තේ විනෝදයට මිතුරෙකු නිර්මාණය කළ වීඩියෝවකට වුවත් ඇය ඉදිරියෙන් දණහිසෙන් පහත්වී ඇවිද යන පිරිමි සතර දෙනා දෙස අවට සිටියවුන් විස්මයෙන් බලා සිට ඇත.

මිට පෙර ඇය විසින් පියයුරු තුනක් ලබාගැනීම සඳහා සැත්කම් කරගැනීමට වෛද්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී උපදෙස් ලබාගෙන ඇති අතර බොහෝ වෛද්‍යවරුන් පිරිසක් ඇයව ප්‍රතික්ෂේප කර ඇත්තේ තුන්වන පියයුරක් බද්ධ කිරීම මිනිසාගේ ස්වාභාවික තත්වය විකෘති කිරීමක් බවත් ඒ ආකාරයට සැත්කම් කිරීම වෛද්‍ය විද්‍යා මූලධර්මයට පටහැනි බවත් කියමිනි.

ඇගේ නවතම වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>