පියා තම දියණිය ගැබිණියක් කරලා

null

වයස අවුරුදු 16ක් වන තම වැඩිමහල් දියණිය සමග අඹු – සැමි ඇසුරක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කළ පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම – මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියකි.

දැරියගේ මව විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. පැමිණිලිකාර මව තම සැමියාගෙන් මීට වසර 02කට පමණ පෙර වෙන්වී කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටී.

සැමියාට දාව ඇයට ලැබී ඇති ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු සැකකරු බාරයේ සිටින බව ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

තම වැඩිමහල් දියණිය කිසියම් අසාමාන තත්ත්වයකින් පෙළෙන බවට තම සහෝදරිය විසින් කරන ලද දැනුම්දීමක් මත පැමිණ තොරතුරු සොයා බලන විට ඇය සය (06) මසක ගැබිණියක් බවට හෙළිවූයේ යැයිද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා තිබේ.

තම දියණියට ලිංගික අතවර සිදු කර ඇත්තේ සැමියා විසින් බවට ඇය තමන් හමුවේ පැවසූ බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත. අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>