පියා තම දියණිය දුෂණය කර 65 හැවිරිදි මිතුරාටත් ඉඩ දීලා

null

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් බුද්ධිසිරිගම ගම්මානයේ කුඩා දැරියක් වරින් වර ලිංගික අපයෝජනයට ලක්කර ඇති එම දැරියගේම පියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම දැරියගේ පියාගේ අනියම් බිරිය වනාතවිල්ලුව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (7) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අපයෝජනයට ලක්ව ඇති දැරිය වනාතවිල්ලුව ප්‍රදේශයේ උසස් පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි කුඩා දැරියක් බවත්, අදාල දැරියගේ මව හා පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මව මෙම දැරිය අතහැර දමා ගොස් ඇති අතර, අදාල දැරිය තම පියාගේ රැකවරණය ලබමින් පියා සමග නිවසේ ජීවත්ව සිටි බව පොලිසිය සදහන් කරයි.

දැනට මසකට පමණ පෙරදී අදාළ දැරියගේ පියා විසින් නිවසේදීම දැරියව කිහිපවතාවක්ම ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර මීට වසර දෙකකට පෙරාතුව දැරියගේ පියාගේ සමීපතම මිතුරෙකු වූ 65ස් හැවිරිදි වයෝවෘද්ධයෙකු විසින් දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට පොලීසිය හමුවේ දැරිය ප්‍රකාශයක් ලබාදී තිබේ.

එම 65 හැවිරිදි පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු සොයා වනාතවිල්ලුව පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇත. සැකකාර පියා වනාතවිල්ලුව බුද්ධිසිරිගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.

සැකකාර පියා තම බිරිඳගෙන් වෙන් වී ඇති අතර, බහු විවාහන් රැසක්ද සිදු කරගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා. මොහු කිහිප වතාවක්ම මෙම දැරියව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, එම අවස්ථාවේදී මොහුගේ අනියම් බිරිය දැක දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දිග දුරයාම හේතුවෙන් මෙසේ සිද්ධිය පොලිසියට වාර්තා වී ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධියට අදාල දැරිය වෛද්‍ය පරික්ෂණ වලට භාජනය කිරීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාර පියා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>