පියා තම සිඟිති දියණිය පොළොවේ ගසා ඝාතනය කරයි

baby

බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේදී පියෙකු විසින් සිය දියණිය ගල්තලාවක ගසා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, බුබුලහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස නවයක් වයසැති හිරුණි පබසරා නැමති දැරියකි.

දැරියගේ මව සහ පියා වෙන්ව ජීවත්වන අතර මාසයේ එක් ඉරිදා දිනයකදී පියාට දැරිය පෙන්වන ලෙස පොලීසිය මීට පෙර නියෝග කර තිබුණා. ඒ අනුව දැරිය පෙන්වීම සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ මාගල්කන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයක්. දැරියගේ මිත්තනිය විසින් පියාට පෙන්වීම සඳහා ඇයව මෙම විිහාරස්ථානයට රැුගෙන ආ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

එහිදී බරපතල තුවාල ලැබූ දැරිය කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 29 හැවිරිදි සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

01

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>