පියා දියණියගේ බයික් එක සොරාගෙන උකස් කරලා

null

සිය දියණියගේ යතුරු පැදිය සොරකම් කර උකස් තැබූ පුද්ගලයෙකු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඇල්පිටිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිය යතුරු පැදිය නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් අයෙකු එය සොරකම් කර ඇති බවට සැකකරුගේ දියණිය ඌරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර තිබුණි. එ් අනුව පරීක්ෂණ පැවැත් වූ පොලීසිය පැමිණිලිකාරියගේ පියා වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිය නිවස ඉදිරිපිට අදාළ යතුරුපැදිය නවතා තිබියදීයි සැකකාර පියා එය සොරකම් කර ඇති අතර පසුව ඔහු එය රුපියල් 50,000කට උකස් තබා ඇති බව පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>