පියා දුම්රිය අනතුර බලන්න යද්දී, රූමත් දියණිය දුම්රියට බිලිවෙලා

null

කොටුව දුම්රිය ස්‌ථානය තුළ වූයේ අධික තදබද ස්‌වාභාවයකි. සෑම පුද්ගලයෙකුගෙම අරමුණ වූයේ හැකි ඉක්‌මනින් තම නිවෙස්‌වලට යැමයි.

එබැවින් ඔවුහු දුම්රිය වේදිකාවට පැමිණෙන විටම දුම්රියට ගොඩවීමට එකිනෙකා පරයා උත්සාහ දරයි. එලෙස කලබලයෙන් දුම්රියට ගොඩවීමට උත්සාහ ගැනීම අනතුරුදායක වුවද මගීහු බොහෝ දෙනෙක්‌ ඒ වගක්‌ නොසිතති. ඉකුත්දා සවස්‌ කාලයද කොටුව දුම්රිය ස්‌ථානයේ උක්‌ත ස්‌වභාවය පෙනෙන්නට වූ අතර එදින අනපේක්‍ෂිත ලෙස නව යොවුන් වියේ සිටි යෞවනියක්‌ දුම්රියට බිලි වූයේ දෙනෝදාහකගේ දැස්‌ ඉදිරිපිටදීය.

කොටුව දුම්රිය ස්‌ථානයේ සිදුව තිබූ එම අනතුරින් ජීවිතක්‍ෂයට පත්වූයේ රාගම ඇටකොරස පාර, 362/සී/2 නිවසේ සිටි ශෙරීන් ලොරේටා ජෝශප් නමැති තරුණියයි.

මෙම අනුවේදනීය සිදුවීම කණ වැකුණු අපි ශෙරීන් ලොරේටාගේ නිවසට ගියේ දෙපස ලෙළ දෙන ධවල වර්ණ ධජ යටිනි. සුළඟට ලෙළදුණු ඒ ධජවලින් නිකුත් වූ සියුම් ශබ්දය පරිසරය මෙම සිදුවීමෙන් කම්පාවට පත්ව නඟන සිහින් කෙඳිරියක්‌ මෙනි. අප ශෙරීන්ගේ නිවසට ගොඩවන විට ප්‍රදේශවාසීහු සේම තවත් බොහෝ දෙනකු එම නිවසට පැමිණ සිටියේ ශෙරීන්ට අවසන් ගෞරව දක්‌වන්නටය. එසේ පැමිණ සිටි බොහෝ දෙනකුගේ වත කියා පෑවේ මෙවන් ෙ€දවාචකයක්‌ කවරෙකුට හෝ සිදුනොවේවා යන හැඟීමයි.

අප ශෙරීන්ගේ පියා හමුවී කතාබහ කිරීමට උත්සාහ ගත්තද සිය එකම දියණියට වූ ෙ€දවාචකයෙන් කම්පිතව සිටි ඔහුගේ මුවින් වචනයක්‌ පිටවූයේ නැත. අපගේ උත්සාහය ඔහුට වෙහෙසකර බවක්‌ උදා කළ හැකි නිසා ඔහුගෙන් නික්‌ම අප ශෙරීන්ගේ ඥතිවරියක හා කතාබහට එක්‌වුණෙමු. පවුලේ එකම දරුවා වූ ශෙරීන් සිය දෙමාපියන්ගේ මෙන්ම ඥතීන්ගේ නොමද ආදරය ලබමින් දිවිගෙවූ තැනැත්තියකි. අතිශය රූමතියක්‌ වූ ශෙරීන් පිළිබඳව මේ කාහටත් තිබුණේ සියුම් ආඩම්බරයකි.

ඉකුත් 21 වැනි දින ශෙරීන් නිවසෙන් පිටව ගොස්‌ තිබුණේ සුපුරුදු පරිදි ඇයගේ සේවා ස්‌ථානයට යැමටය. මට්‌ටක්‌කුලිය පිහිටි එම සේවා ස්‌ථානයට යැමට ඇය පිටත් වූයේ සුපුරුදු පරිදි දෙමාපියන් නමැද මදහස පාමිනි. එසේ යන ඇය නැවත මේ නිවස එළිය කරන්නට නොපැමිණෙන බව කිසිවෙකුට ඒ මොහොතින් සිතුනේ නැත. නැවත ඇය පැමිණෙන්නේ නිවස පමණක්‌ නොව මුළු ගම්මානයම හඬවාගෙන බවද සිතුනේ නැත. සේවා ස්‌ථානයට ගිය ශෙරීන් සුපුරුදු ලෙස තම වගකීම් කොටස නිසි ලෙස ප්‍රමෝදයෙන් යුතුව සිදුකර කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණියේ සේවා ආයතනයෙන් ලබාදෙන ප්‍රවාහන පහසුකම උපයෝගී කර ගනිමිනි. ඇය කොටුව දුම්රිය ස්‌ථානයට සවස 5.30 ට පමණ පැමිණියේ පානදුර සිට පුත්තලම බලා ධාවනය වන දුම්රියෙන් සිය නිවසට යැමේ අරමුණිනි. පස්‌වරු 5.45 ට කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණීමට නියමිතව තිබූ එම දුම්රිය එදින ධාවනය නොවීම හේතුවෙන් ප.ව. 6.05 ට ධාවනය වීමට තිබූ දුම්රියකින් ඇය නිවසට ඒමට හිතුවාය. එක්‌ දුම්රියක්‌ ධාවනය නොකිරීම නිසා ශෙරීන් ගමන් කිරීමට සූදානම් වූ දුම්රියට විශාල පිරිසක්‌ එක්‌වීමට සූදානම්ව සිටියහ. ශෙරීන් සිය ජංගම දුරකථනයෙන් සිය පියා ඇමතුවේ පියාද ප.ව. 6.05 ට දුම්රියේ ගමන් ගන්නා බව ඇය දැන සිටි නිසාය. ශෙරීන් ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය වේදිකාවට පැමිණෙමින් තිබියදී විශාල ජනතාවක්‌ සමඟ ශෙරීන්ද ඉදිරියට තල්ලුවී ගියහ. සිදුවූයේ අනපේක්‍ෂිත දෙයකි. දුම්රිය පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ කර බගය එකවරම ශෙරීන්ගේ ඇඟේ වැදිනි. ගතවූයේ නිමේෂයකි. ශෙරීන් දුම්රිය වේදිකාවත් දුම්රියත් අතරින් රේල් පාරට ඇද වැටිණි. දෙනෝදාහක්‌ කෑමොර දෙද්දී දුම්රිය නතර වුවද ඒ වන විටත් ශෙරීන්ගේ නාසයෙන් කණෙන් අධික ලෙස රුධිරය පිටවෙමින් තිබුණේ ඇගේ හිස තදින් දුම්රියේ ගැටී තිබූ බැවිනි.

දුම්රියට තරුණියක යටවී ඇති බව කණෙන් කොණෙන් ඇසෙද්දී එම දුම්රියේ සිටි ශෙරීන්ගේ පියා ඡේම්ස්‌ ජෝශප් සිය දියණියගේ ජංගම දුරකථනයට ඇමතුවේය. එයින් ප්‍රතිචාර නොවූයෙන් ඔහු හනික දුම්රියෙන් බැස අනතුර සිදුවූ දෙසට යන විට සිදුවී ඇති දෙය අදහාගත නොහැකි වූවාය. වහා ක්‍රියාත්මක වූ පිරිස්‌ ශෙරීන්ව කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද ශෙරීන් ජීවත් කරවීමේ වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය පරාජයට පත් විය.

මුළු ගම්මානයක්‌ කම්පාවට පත්කරමින් සිදුවූ එම ෙ€දවාචකයෙන් සිය මවත් පියාත් තනි කරමින් දිවියෙන් සමුගත් ශෙරීන්ගේ නිසල දේහය ඥතීන්, මිතුරන්, හිතවතුන්ගේ කරමතින් (23 දා) පේරලන්ද රෝමාණු කතෝලික සුසාන භූමියට ගියේ බොහෝ දෙනකු හඬවමිනි.

(කඳාන විශේෂ – රුක්‌මන් පින්තු)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>