පියා නොසලකන නිසා 16 හැවිරිදි පුතා පොලීසි යයි

null

කැබිතිගොල්ලෑව කණුගහවැව ප‍්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සිය පියාට එරෙහිව කැබිතිගොල්ලෑව පොලිසියට ඊයේ (09) පැමිණිල්ලක් කර තිබේ.

තමාටත්, බාල සොහොයුරියන් දෙදෙනාට සහ බාල සොහොයුරන් දෙදෙනාටත් සිය පියා නිසි ලෙස නොසලකන බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

මව විදේශගතව සිටින නිසා පාසල් අධ්‍යාපනය පවා අඩාල වී ඇති බව මෙම සිසුවා පැමිණිල්ල ගොනු කරමින් සදහන් කර ඇත. එමෙන්ම තම සහෝදර සහෝදරියන්ට නිසි ලෙස කෑම බීම පවා ලබා නොදීමට සිය පියා කටයුතු කරන බව ද එම පැමිණිල්ලෙන් සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමකදී ජාතික ළමා රක්ෂණ අධිකාරියෙ සභාපතිනී නටාෂා බාලේන්ද්‍ර සඳහන් කළේ ළමයින්ට නිසි ආරක්ෂාවක් ලබා නොදෙන්නේ ඔවුන් පරිවාස භාරයට ගන්නා බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>